අභිනව චන්ද්‍ර වර්ෂය සඳහා මාර්තු මස 20 වන සිකුරාදා දින ද, අභිතව සූර්ය වර්ෂය සඳහා අප්‍රේල් මස 19 වන ඉරිදා දින ද නව සඳ බැලීම මැනව.
චාරිත්‍රය 1
අවුරුදු නැකත් සටහන
නව සඳ බැලීමේ සිට පැළ සිටුවීම දක්වා 2026 සිංහල අලුත් අවුරුදු චාරිත්‍ර, වේලාවන් සහ දිශානති පිළිබඳ සම්පූර්ණ මඟපෙන්වීම.
චාරිත්‍රය 1
අභිනව චන්ද්‍ර වර්ෂය සඳහා මාර්තු මස 20 වන සිකුරාදා දින ද, අභිතව සූර්ය වර්ෂය සඳහා අප්‍රේල් මස 19 වන ඉරිදා දින ද නව සඳ බැලීම මැනව.
චාරිත්‍රය 2
අප්‍රේල් මස 13 වැනි සඳු දින දිවුල් පත් යුෂ මිශ්‍ර නානු ගා ස්නානය කොට ඉෂ්ට දේවතා අනුස්මරණයේ යෙදී වාසය මැනවි.
චාරිත්‍රය 3
අප්‍රේල් මස 14 වැනි අඟහරුවාදා පූර්ව භාග 09.32 ට සිංහල අලූත් අවුරුද්ද උදාවෙයි.
චාරිත්‍රය 4
අප්‍රේල් මස 14 වැනි අඟහරුවාදා පූර්ව භාග 03.08 සිට එදිනම අපර භාග 03.56 දක්වා පුණ්‍ය කාලය බැවින් අප්‍රේල් මස 14 වන අඟහරුවාදා පූර්ව භාග 03.08 ට පළමුව ආහාර පාන ගෙන සියලු වැඩ අත්හැර ආගමික වතාවත් වල යෙදීම ද, පුණ්‍ය කාලයේ අපර කොටස එනම් අප්‍රේල් මස 14 වන අඟහරුවාදා පූර්ව භාග 09.32 සිට එදින අපර භාග 08.56 දක්වා පහත දැක්වෙන අයුරින් ආහාර පිසීම, වැඩ ඇල්ලීම, ගනුදෙනු කිරීම හා ආහාර අනුභවය ආදී නැකත් චාරිත්‍ර විධි ඉටු කිරීම මැනවි.
චාරිත්‍රය 5
අප්‍රේල් මස 14 වැනි අඟහරුවාදා පූර්ව භාග 10.51 ට රක්ත වර්ණ වස්ත්‍රාභරණයෙන් සැරසී දකුණු දිශාව බලා ලිප් බැඳ ගිණි මොළවා කිරි බතක් ද, කැවිලි වර්ගයක් ද, දී කිරිවලින් ද පිළියෙළ කර ගැනීම මැනවි.
චාරිත්‍රය 6
අප්‍රේල් මස 14 වැනි අඟහරුවාදා අපර භාග 12.06 ට රක්ත වර්ණ වස්ත්‍රාභරණයෙන් සැරසී දකුණු දිශාව බලා සියලු වැඩ අල්ලා ගනුදෙනු කොට ආහාර අනුභවය කිරීම මැනවි.
චාරිත්‍රය 7
අප්‍රේල් මස 15 වැනි බදාදා පූර්ව භාග 06.55 ට නැගෙනහිර දිශාව බලා හිසට කොහොඹ පත් ද, පයට කොළොන් පත් ද තබා පච්ච වර්ණ වස්ත්‍රාභරණයෙන් සැරසී කොහොඹ පත් යුෂ මිශ්‍ර නානු හා තෙල් ගා ස්නානය කිරීම මැනවි.
චාරිත්‍රය 8
අප්‍රේල් මස 20 වැනි සඳුදා පූර්ව භාග 06.27 ට ශ්වේත වර්ණ වස්ත්‍රාභරණයෙන් සැරසී කිරිබත් සහ එළකිරි මිශ්‍ර කැවිලි ද අනුභව කර දකුණු දිශාව බලා පිටත් වීම මැනවි.
චාරිත්‍රය 9
අප්‍රේල් මස 23 වැනි බ්‍රහස්පතින්දා රන්වන් පැහැති වස්ත්‍රාභරණයෙන් සැරසී පූර්ව භාග 09.01 ට උතුරු දිශාව බලා පැළ සිටුවීම මැනවි.
Quick Links